iranama
ග්‍රහ ලොව පොඩ්ඩා හෙට කන්‍යාවට
ඉදිරි දින 21 ඔබට කොහොමද?
ග්‍රහ පවුලේ හුරතලා ලෙස සලකන බුධ ග්‍රහයා එහි සිටින කුඩාම තරුව වෙයි. බුධගේ ගතිගුණ හා ස්වභාවික ගති ලක්ෂණ කුඩා දරුවකුට සමාන කර තිබේ. බුධ ග්‍රහයා ශුභ හෝ පාප ග්‍රහයකු නෙමේ. වෙනස්වන සුළු ග්‍රහයකු නිසා පාප ග්‍රහ ආශ්රයෙන් පාපයෙකුවීමත් ශුභ ග්‍රහයකු ආශ්රයෙන් ශුභ ග්‍රහයකු හමුවීමත් සිදුවෙයි. බුද ඤාන කාරක බැවින් මතක ශක්තිය ප්‍රබලයි. ඇත්ත කථා කිරීම, ලිවීමට කියවීමට, ග්රන්ථකරණයට දක්ෂතා දැක්වීම, සංගීත චිත්රකලා කටයුතුවලටද බුධ දක්ෂයි.
බුධ බලවත් වීමෙන් ගණිත මිනිත කටයුතුවලට දක්ෂ වෙයි. ලේඛකයකු වන්නේය. තැනට සුදුසු පරිදි ක්‍රියා කරයි. කවට බස් කීමටද සමත් වේ. බුධ දුර්වලවීමෙන් අඥානයකු වන්නේය. ශරීරගත ඉන්ද්රිය ආබාධ, මානසික රෝග, බඩවැල් හා පෙනහැලිවල ආබාධ ස්නායු ආබාධ බුධ අශුභව සිටීමෙන් ඇතිවේ. ග්‍රහ සංයෝගය හා දෘෂ්ටි අනුව බුධගේ බල දුබල පවා ඇති කරයි. කේන්ද්‍ර සටහනේ ලග්නය (01) 05 වැන්න - 09 වැන්න සහ 04 වැන්න, 07 වැන්න, 10 වැන්න බුධට යහපත් ස්ථානයන්ය. බුධ කේන්ද්‍ර සටහනේ 02 සිටි විට දක්ෂ කථිකයෙකු වන්නේය. 03 වැන්නේ 08 වැන්නේ සිටීමෙන් හදිසි ධන ලාභ ගෙන දෙයි. කේන්ද්‍රයේ 06-08-12 ස්ථානවලින් බුධගෙන් ශුභඵල අපේක්ෂා කළ නොහැකිය. බුධ 11 සිටීමෙන් උසස් අධ්‍යාපනයට යොමුවෙ. ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රසිද්ධ වෙයි.
බුධට කන්‍යා රාශිය උච්ච හා ස්වක්ෂේත්ර බල දෙකම උදාකරයි. මිථුන රාශිය ස්වක්ෂේත්රවේ. බුධට මිත්‍ර රාශි වන්නේ වෘෂභ, තුලා, මකර, කුම්භ යන රාශීන්ය. සතුරු රාශි වන්නේ කටක, සිංහ රාශි 02 යි. මීන රාශිය නීච වෙයි. වෘශ්චික, මේෂ ධනු සම රාශිsවෙයි.
බුධ ග්‍රහයාට දශා කාලය වර්ෂ 17 කි. සෙනසුරුගෙන් පසු, බුධ දශාවක් බුධගෙන් පසු කේතු දශාවන් ලබයි. හෙට 03 දා සවස 05.52 ට බුධ කන්‍යා රාශිගතවී 21 දක්වා කන්‍යාවේ ගමන් කරයි. බුධගේ මාරුව ඔබගේ ලග්නයට බලපාන්නේ මෙසේය.
මේෂ( ගුරු සමඟ බුධ සිටීමෙන් උසස් බලවත් අයකුගෙන් උදව් ලැබේ. නිරෝගී වේ. දේපල ඉඩම් ලාබ ලබයි. පාලන කටයුතුවලට දක්ෂතා දක්වයි. සතුන් ඇති කරන අයට වාසි ලැබේ. ආලය ප්‍රේමය නිසා සිතට දුක් කරදර උපදවයි. ත්‍යාගවන්තයකු හෝ ත්‍යාගවන්තියක හා විවාහය සිදුවේ. සිතට මානසික කරදර ඇතිවේ.
වෘෂභ - 05 වැන්නේ බුධ ගමන් කරන නිසා අන් අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත්වේ. ගණකාධිකරණ කටයුතුවල නියෑලී සිටින අයට යහපත්ය. අධ්‍යාපන කටයුතු හොඳින් කරගනී. ගුණ යහපත්කමින් යුක්තය. කොයි කාගේත් සිත් දිනාගෙන කටයුතු කරගනී. යුතු අයුතුකම ඉටුකරයි. දරුවන්ට එතරම් යහපත් නැත.
මිථුන - බුධ ග්‍රහයා 04 වැන්නේ සිටීම ඔබට ශුභයි. ඥාතීන්ගෙන් උදව් ලබයි. දේපල ඉඩම් වාහන ලාභ ලබයි. නිවාස ලාභ හිමිවේ. සිතීමට දක්ෂය. ලේඛන කලාවෙන් ගෞරවයට, කීර්තියට පත්වේ. අහංකාර, ආඩම්බර ගතියක් නැත. පණ්ඩිතයෙකු ලෙස කටයුතු කරයි. ගුරු සමඟ බුධ සිටීමෙන් පියාට තරමක් අශුභයි.
කටක( බුධ 03 වැන්නේ සිටීමෙන් ගණිත මිනිත විෂයයන්ට විශේෂ දක්ෂතා දක්වයි. පොත්පත්වලට ආශා කරයි. සහෝදරාදීන්ට තරමක් අගුණය. එහෙත් ඔවුන්ට හිතවත්වේ. අසරණයින්ට පිහිට වෙයි. යාන වාහන ලාබ ඇතිවේ. වාහන ගන්නා අයට ශුභදායක කාලයකි. ශරිරයේ වෙහෙස වැඩකිරීමට කැමැති නැත. යම් දෙයකට දක්ෂතා දක්වයි.
සිංහ( කථාවෙන් ජය ගනී. අන්‍යයන් සිත් ඇද ගන්නා පරිදි කථා කිරීමට දක්ෂයි. ප්රචාරක කටයුතුවල නියෑලී සිටින අයට යහපත්ය. පවුල් ජීවිතය වාසනාවන්තයි. උසස් අධ්‍යාපනයට යොමුවෙ. ශාස්ත්‍රීය අංශයෙන් ඉහළ තැනක් හිමිවේ. අතමිට සරුයි. ධනය ලබයි. තමාගේ රැකියාවෙන් වැඩවලින් අන් අයට ප්‍රයෝජන ඇතිවේ. ව්‍යාපාර වලට ශුභයි.
කන්‍යා( බුද ලග්නගතව සිටීම ඉතා ශුභයි. බුධ කන්‍යා රාශිගතව උපන් කේන්ද්‍රයේ පිහිටා ඇත්නම් "විදුරවි යෝගය" නිර්මාණය වෙයි. භාෂා ශාස්ත්‍ර ඉගෙන ගනී. ඥාන ශක්තිය, ධාරණ ශක්තිය ප්‍රබලයි. ගුණයහපත් කමින් යුක්තයි. උසස් ගුණධර්ම පුරුදු පුහුණු කරගනී. උපදේශක තත්ත්වයට පත්වේ. අනවශ්‍ය සම්බන්ධතා, ආශ්‍රයන් ඇති නොකර ගනී.
තුලා( බුධ ග්‍රහයා 12 වැන්නේ ගමන් කරන නිසා අන්‍යයන්ට උදව් කරයි. ත්‍යාගවන්තයි. දුර පළාත්වලට ගොස් කටයුතු කර ගැනීමට සිදුවේ. ස්ථාන මාරු ඇතිවිය හැකිය. රටතොට, සමාජය ගැන හොඳ දැනුමක් ලැබෙයි. ගුරු සමඟ බුධ සිටීමද යහපත්ය. කල්පනාකාරීව කටයුතු කරගනී. සමාජ කටයුතුවල යෙදේ. වියදම් අධිකයි.
වෘශ්චික - 11 වැන්නේ බුධ ගුරු සමඟ සිටීම අපල උපද්‍රවවලින් මිදෙයි. ශාස්ත්‍රීය අංශයෙන් සේම ධනයෙන් හා බලයෙන් උසස් අයකු වන්නේය. අතමිට සරුවන කාලයකි. අන්‍යයන් සමඟ පවතින හොඳ හිත නිසා උසස් සමාජ ගෞරවයන් හිමිවේ. කථාවෙන් ජයගනී. කථාවට අන් අය වසඟවේ. ඉගෙන ගන්නා අයට ඉතාමත් ශුභ කාලයකි.
ධනු - ලග්නාධිපති ගුරු සමඟ බුධ 10 සිටීම ඉතා ශුභයි. රැකියා නැති අයට රැකියා අවස්ථා උදාවේ. බුද්ධිය හා කවීත්වය හොඳින් ඇතිවේ. උසස් විභාගවලින් ජයගනී. ලේඛන කලාව මාධ්‍ය කටයුතු ග්රන්ථකරණය කරන අයට ඉතා ශුභයි. අවිවාහකයන්ට විවාහ කටයුතු සාර්ථකවේ. දරුවන්ට තරමක් අපලයි. උපදෙස් දීමට දක්ෂයි.
මකර - බුධ 09 ගුරු සමඟ සිටීම ඔබට ඉතා ශුභයි. නිරායාසයෙන් තම දියුණුව උදාවේ. ඉගෙන ගන්නා අයට ඉගෙනීමේ කටයුතු හොඳින් කරගනී. ආගමික කටයුතුවල නියෑළේ වැඩිහිටියන්ට කීකරුයි. රැකියා තාන්න මාන්න ලැබීමට කැමැති නැත. උසස් අදහස් ඇති අය ආශ්‍රය කිරීමට කැමැතියි. අවබෝධ ඥානය දියුණු වේ. කාර්මික යාන්ත්‍රික කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය.
කුම්භ( ගුණ නුවණින් යුක්තයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයකු ලෙස කටයුතු කරයි. ධනයට හා බලයට වඩා හිතේ දියුණුවට කටයුතු කරයි. ඉගෙන ගන්නා අයට එතරම් ශුභදායක නැත. පෙනුම ලස්සනයි. කරදර බාධක විටින් විට ඇතිවේ. ගුප්ත රහස් කටයුතුවලින් ප්‍රයෝජන ලබයි. ආර්ථික දියුණුව අඩුයි.
මීන - සමාජයේ ජනප්‍රියත්වයට පත්වේ. ශාස්ත්‍රීය සාහිත්‍ය කලා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වේ. විවාහවීමට අපේක්ෂා කරන අයට යහපත් කාලයකි. විවාහකයන්ට පවුල් ජිවිතය සතුටින් ගතවේ. සහකරු හෝ සහකාරියගේ අදහස්වලට එරෙහිව කටයුතු නොකර යි. ආදායම් තත්ත්වය යහපත් වේ. ව්‍යාපාරවලටද ශුභ කාලයකි. (වැඩි විස්තර අවශ්‍ය නම් 0332273004 න් විමසන්න.)
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks